Search

ලිබරල් සහ Nationals නව නායකයන් තෝරා ගැනීම අද කැන්බරා නුවරදී

ලිබරල් පක්ෂයේ සහ Nationals පක්ෂයේ නව නායකයන් තෝරා ගැනීම කැන්බරා නුවරදී අද සිදුකෙරෙනවා.

හිටපු අගමැති ස්කොට් මොරිසන් මැතිවරණ පරාජයත් සමග ඉල්ලා අස්වීමෙන් ලිබරල් පක්ෂයේ නායකත්වය පුරප්පාඩු වුණා.

Nationals පක්ෂයේ නියෝජ්‍ය නායක ඇතුලු කිහිප දෙනෙකු විසින් බාර්නබි ජොයිස් ගේ නායකත්වයට අභියෝග කිරීමත් සමගයි එහි නායකත්වය වෙනස් වන ළකුණු පළවී ඇත්තේ.

ලිබරල් පක්ෂයේ නායකත්වයට හිටපු ආරක්ෂක ඇමති පීටර් ඩට්න් පමණක් ඉදිරිපත් වනු ඇති බවත් ඡන්ද විමසීමකින් තොරවම නිතරගයෙන් නව නායකයා තෝරා ගැනෙනු ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කලා.

කෙසේවෙතත් Nationals පක්ෂයේ නායකත්වයට කිහිප දෙනෙකු ඉදරිපත්ව සිටින බැවින් රහස් ඡන්දයකින් නව නායකයා තෝරා ගැනෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »