ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සැලසුම් කර ඇති පරිදි ජුනි මස 7 වනදා සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
කෙසේ වෙතත් මීට පෙර ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී වාතාවරණය පිළිබඳව විමසිල්ලෙන් යුතුව බලාසිටින බවයි.
ඒ අනුව, සැලසුම් කර පරිදි ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායම 20 යි 20 තරග 03 ක් / එක්දින තරග 05 ක් සහ ටෙස්ට් තරග දෙකක් සඳහා පැමිණීමට නියමිතයි.
ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම තුළින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදයටද යම් සහනයක් ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා කියාසිටියා.
ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායම පැමිණීමෙන් ඩොලර් මිලියන දෙක හමාරක ආදායමක් බලාපොරොත්තු වන බවත් ඉන් කොටසක් වියදම් ලෙස කපා හැරීමෙන් පසු ශුද්ධ ලාභය ලෙස රුපියල් මිලියන 100 ක ආදායමක් අපේක්ෂා කරන බවත් ලේකම්වරයා සඳහන් කලා.