Search

මහින්ද – නාමල් ඇතුලු මැති ඇමති පිරිසක් මානව හිමිකම් කොමිසමට කැඳවයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ලබන බදාදා දිනයේදී ප්‍රකාශ ගැනීම සඳහා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා.

ඒ, පසුගිය 9 වැනිදා ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමි විරෝධතාවන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ඉන් පසුව ඇතිවූ නොසන්සුන්කාරී සිදුවිම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාලවයි.

නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් සහ අමාත්‍ය ‍රමේෂ් පතිරණ ද ලබන බදාදා දිනයේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

මේ අතර හෙට දිනයේදී ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇතැයි කොමිසම සඳහන් කලා.

වටරැක බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති දේශපාලන රැස්වීමක් සඳහා සහභාගි කරවු බව කියන පැමිණිල්ලට අදාලව සිදු කරන විමර්ශන සඳහායි ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවා ඇත්තේ.

මෙම සිද්ධියට අදාලව කරුණු විමසීම සඳහා මීට පෙර බන්ධනාගර කොමසාරිස් ජෙනරාල්වරයා ද කොමිසම හමුවට කැඳවා තිබුණා.

මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, ලබන බ්‍රහස්පතින්දා දිනයේදී පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇති බවයි.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »