Search

ලක්ෂ භාගයකට ඉහළ ගිය දුප්පතාගේ වාහනය

පා පැදිය.. නො එසේනම් බයිසිකලය…

අතීතයේ දුප්පතාගේ වාහනය ලෙස සැළකුණු පා පැදිය මේ වනවිට සුඛෝපභෝගී වාහනයක් බවට පත් වී අවසන්.

ඊට හේතුව නම් වර්තමානයේ පවතින ඉන්ධන හිගය හමුවේ බොහෝ දෙනෙකු පාපැදියෙන් ගමන් බිමන් යාමට පෙළඹීමත් සමග පා පැදි මිළ ගණන්ද සීඝ්‍රයෙන් ඉහළයාමයි.

වෙළඳපොලේ පා පැදි මිළ ගණන් මේ වනවිට රුපියල් 30,000 සිට 49,000 පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා පළවූයේ.

පාපැදියෙන් ගමන් කිරීමේ වාසි කිහිපයක් දැකිය හැකියි.

1. ඉන්ධන වියදමක් අවශ්‍ය නොවීම
2. පරිසර හානියක් සිදු නොවීම.
3. ශාරීරීක යෝග්‍යතාවය
4. මාර්ගයේ අවම ඉඩක් අවශ්‍ය වීම

නෙදර්ලන්තය වැනි රටවල මගී ජනතාව තුළ පාපැදි භාවිතය ඉහළ මට්ටමක පවතිනු දැකිය හැකියි.

එමෙන්ම රටවල් ගණනාවක මේ වනවිට මුදල් ගෙවා භාවිත කල හැකි කුලී විද්‍යුත් යතුරු පැදි පවා භාවිත කරනවා.

යුරෝපා මහද්වීපය ඇතුලු රටවල් ගණනාවක දේශපාලනඥයන් පවා පාපැදියෙන් රාජකාරි සඳහා පැමිණිම සුලභ දසුනක්.

මීට වසර කිහිපයකට පෙර යහපාලන රජය විසින් රුපියලකින් හෝ දෙකකින් ඉන්ධන මිළ ඉහළ දැමීමත් සමග එවක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලු විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් පාපැදියෙන් පාර්ලිමේන්තුවට පැමිණියා.

අවශ්‍ය නම් ඔවුනට අදත් එලෙසම පැමිණ ආදර්ශයක් දිය හැකියි.

ඉන්ධන මිල ඉහල දැමීම සහ ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් පාපැදි භාවිතයට නැඹුරු වෙමින් සිටි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියකු වන මෙත්තිකා විතානගේ සිය නිවසේ සිට විශ්ව විද්‍යාලයේ කරා පාපැදියෙන් ගමන් කිරීමට ආරම්භ කර ඇත.

ඇය සඳහන් කරන්නේ ඉන්ධන පෝලිමේ පැය හත අටක් සිටිනවාට වඩා පාපැදියෙන් ගමන් කිරීම පහසු බවත් තම කාලයේද ඉන් ඉතිරි වන බවත්ය.

රට තුල ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් තම රාජකාරියට යාමට ඒමට පාපැදියක් ගැනීමට ගිය ටී.ඩී. තිලකරත්න නම් අයෙකු එහි මිල දැකීමෙන් පුදුමයට පත්ව තිබිණි.

එය වීඩියෝව විකාශය වූ ලොව පුරා බොහෝ පිරිසක් ඔවුන්ට පාපැදියක් අරන් දීමටත් මුදල් ආධාර කිරීමටත් ඉදිරිපත්වී තිබේ.

නමුත් ඔහු කියා සිටියේ තමන් රාජ්‍ය සේවකයෙක් බවත් තමන්ට එවන් උපකාර කරන්න ඉදිරිපත් වූ සියළු දෙනාටම ස්තුතිවන්ත වන බවත්ය.

තමනට පුද්ගලිකව උපකාර කිරීමට වඩා පොදුවේ පාපැදි වල මිල අඩු කිරීමට කටයුතු කිරීම සුදුසු බව ඔහු පැවසීය.

එමෙන්ම සතියකට දවසක් හෝ හැම දෙනාම බයිසිකලේ යා මට පුරුදු විය යුතු යයිද ඔහු කියා සිටියේය.

රට මුහුණදී සිටින ඉන්ධන සහ මූල්‍ය අර්බුදය මුලුමනින්ම විසඳාලීමට පාපැදි භාවිතය සියයට සියයක් විකල්පය නොවුනද යම්තාක් දුරකට හෝ ගැටලුවට පිළියමක් වනු ඇති.

 

VIDEO CREDITS – TV DERANA

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »