Nationals පක්ෂයේ නායකත්වය සඳහා තුන් කොන් සටනක්

Nationals පක්ෂයේ නායකත්වය සඳහා තමන්ද තරග කරන බව පක්ෂයේ වත්මන් නියෝජ්‍ය නායක David Littleproud ද පවසා තිබෙනවා.

මේ අනුව හෙට පැවැත්වෙන පක්ෂ අභ්‍යන්තර හමුවේදී නායකත්වය සඳහා තුන් කොන් සටනක් නිර්මාණය වනු ඇතැයි සඳහන්.

2025 දී පැවැත්වෙන මැතිවරණයේදී Nationals පක්ෂය මීට වඩා හොඳ ස්ථාවරයක තිබිය යුතු බවයි පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා මන්ත්‍රී ඩැරන් චෙස්ටර් ද පසුගියදා නිවේදනය කලේ තමන්ද Nationals පක්ෂ නායකත්වයට තරග වදින බවයි.

මෙවර ෆෙඩරල් මැතිවරණයේදී ආසන 16 ක් හිමි කර ගැනීමට Nationals පක්ෂය සමත්වුවද ඡන්ද ප්‍රතිශතය අඩුවී තිබුණා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »

ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා

Read More »