
මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.
ඒ ගුජරාට් ටයිටන්ස් පිළ හා රාජස්ථාන් රෝයල්ස් පිළ අතරයි.
අද රාත්‍රී 8 ට අහමදාබාද්හී නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි තරගය ආරම්භ වීමට නියමිතයි.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙහි නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩියා විසින් දරනවා.
ගුජරාට් ටයිටන්ස් පිළ මෙවර අයි පී එල් තරගාවලියට එක්වන්නේ නව කණ්ඩායමක් වශයෙන් වන අතර මංගල තරගාවලියේදිම අවසන් මහා තරගයට එක් වීමට ඔවුන් සමත්වීම විශේෂත්වයක්.

මැතිව් වේඩ් / රෂීඩ් ඛාන් / ඩේවිඩ් මිලර් / මොහොමඩ් ෂාමි වැනි ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ගුජරාට් පිළට අන්තර්ගතයි.
සංජු සැම්සන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මින් පෙර අයි පී එල් කිරුළ දිනාගෙන ඇත්තේ 2008 වසරේදී පමණයි.
මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ජොස් බට්ලර් රාජස්ථාන් පිළ නියෝජනය කරන අතර තරගාවලියේ වැඩිම කඩුළු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන යුස්වේන්ද්‍ර චහාල්ද රාජස්ථාන් පිළේ සාමාජිකයෙක්.
රාජස්ථාන් පිළේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රවීණ ක්‍රීඩක කුමාර් සංගක්කාර කටයුතු කරන අතර පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග කටයුතු කරනවා.