Search

යුක්රේනයේ මානුෂීය මෙහෙයුම්වල සිටි ටස්මේනියා ප්‍රාන්තවාසියෙකු රුසියානු ප්‍රහාරයකින් මරුට

යුක්රේනයේ මානුෂීය මෙහෙයුම්වල නිරතවී සිටි ටස්මේනියා ප්‍රාන්ත වාසියෙකු රුසියානු ආරක්ෂක හමුදා ප්‍රහාරයක් හමුවේ මියගොස් තිබෙනවා.

දරුවන් 03 දෙනෙකුගේ පියෙකු වන Mick Charles O’Neill, Geeveston හි පදිංචිකරුවෙකුයි.

ඔහු දැනට සති කිහිපයකට පෙර යුක්රේන හමුදා සමග එක්ව තිබුණා.

සිවිල් වැසියන්ට රටින් පළායාම සඳහා ඔහු ට්‍රක් රථ රියදුරෙකු ලෙස ඉමහත් සේවයක් සපයා තිබූ බව සඳහන්.

එමෙන්ම ගැටුම් හමුවේ තුවාල ලැබූවන්ටද ඔහු විවිධ උපකාර සපයා තිබුණා.

Mick Charles O’Neill වෙනුවෙන් අනුස්මරණ මෙහෙයක් ලබන 18 වනදා පස්වරු 02 ට පැවැත්වීමට නියමිතයි.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »