Search

ජනතාව රට යන්න පොරකයි – පාස්පෝට් කන්තෝරුව උණුසුම්

දිනකට ගමන් බලපත්‍ර සඳහා සේවාදායකයන් 1500 සිමාව ඉක්මවා සේවා කටයුතු ලබාදීම සිදුවන අතර මේ වන විට දිවයිනේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ගමන් බලපත්‍ර සේවා ලබාගැනීම සඳහා දිනකට සේවා

සපයන සිමාව ඉක්මවා පැමිණීමක් වාර්තා වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

ඊයේ (27) දිනයේ ගමන් බලපත්‍ර සේවාව ලබාගැනීම සඳහා ටෝකන් පත්‍ර 2500ක් නිකුත් කර තිබෙන අතර ඊට සීමාව ඉක්මවා ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා එළිමහනේ රැඳීසිටි බවට තොරතුරු වාර්තා වේ.

ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දිනකට කැඳවීම් සිදු කරන්නේ ටෝකන් ක්‍රමයට 2500ක පමණ පිරිසකට වන අතර එම සීමාව ඉක්මවා පැමිණීම නිසා දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ දැඩි තදබදයක් ද හටගෙන තිබේ.

ඒ හේතුවෙන් එළිමහනේ රැඳී සිටින පිරිස අතර විවිධ අවස්ථාවල දී උණුසුම්කාරී තත්ත්වයන් ද ඇතිවූ අතර

දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව වෙනුවෙන් සේවය කරන පොලිස් නිලධාරින් සමග ද පැමිණ සිටින පිරිස් මතභේද ඇති කරගත් සිදුවීම් ද වාර්තා වේ.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »