
2025 සහ 2027 වසරවල දී කල්පිරීමට නියමිත ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ස්වෛරී බැඳුම්කර දෙකක කූපන් පොලී ගෙවීම පැහැර හැරීම හේතුවෙන්,
එම ස්වෛරී බැඳුම්කර දෙකෙහි ණය ශ්‍රේණිය D දක්වා පහත හෙලීමට ගෝලීය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන S&P Global Ratings කටයුතු කර තිබේ.
මේ අනුව ‘CC මට්ටමෙහි පැවති මෙම බැඳුම්කරවල ශ්‍රේණිය ‘D’ දක්වා පහත දමා ඇත.

ඩොලර් බිලියන 1.5 ක් බැගින් වන මෙම බැඳුම්කර දෙකෙන් පළමුවැන්න 2025 නොවැම්බර් 03 දිනට කල්පිරෙන අතර අනෙක 2027 මැයි 11 දිනට කල්පිරීමට නියමිතය.
පිළිවෙලින් මේවා සඳහා ගෙවිය යුතු 6.85% ක් හා 6.20% ක් වන කූපන් පොලී ගෙවීම ශ්‍රී ලංකා රජය මේ වන විට පැහැර හැර ඇත.
