නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය සේවකයන් දින 05 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය සේවක කණ්ඩායම් කිහිපයක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඉදිරි දින 05 තුළදී එය ක්‍රියාත්මක වන අතර ජූනි 01 දා එය අවසන් කිරීමට නියමිතයි.

වැටුප් වැඩි කිරීම – සේවක හිගය මග හරවාලීම සඳහා 1500 ක අමතර සේවකයන් බඳවා ගැනීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙනයි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ.

සේවා බිඳවැටීමක් මෙහිදී සිදුනොවන අතර රෝගීන්ට බිල්පත් නිකුත් කිරීමක් සිදුවන්නේ නැහැ.

මේ අතර නිවු සවුත් වේල්ස් අගමැතිවරයා පවසන්නේ ඉදිරි අයවැයේදී සෑම අංශයකටම වැටුප් වැඩිවීමක් ලබාදෙන බවයි.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »