Search

අඛණ්ඩව 04 වන මාසයටත් ඔස්ටේ්‍රලියාව තුළ සිල්ලර වෙළඳාම ඉහළට

අඛණ්ඩව 04 වන මාසයටත් ඔස්ටේ්‍රලියාව තුළ සිල්ලර වෙළඳාම පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.

මාර්තු මාසයට වඩා අප්‍රේල් මාසයේදී එම පිරිවැටුම සියයට 0.9 කින් වැඩිවී ඇති බවයි සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

විශේෂයෙන් ආහාර මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළයාම හමුවේ ඔස්ටේ්‍රලියානුවන් විසින් සිදුකරන වියදම් කිරීම්ද ඉහළයාම මීට ප්‍රධාන හේතුවයි.

Cafe- අවන්හල් සහ Take away ක්‍රම යටතේ ආහාර මිළයට ගැනීම් මාර්තු මාසයට සාපේක්ෂව සියයට 3.3 කින් වැඩිවී තිබෙනවා.

රෙදි පිළි – පාවහන් ඇතුලු අනෙකුත් පුද්ගලික දෑ මිළයට ගැනීම සියයට 3.1 ක් ඉහළගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරන්නේ.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී වැඩිම පිරිවැටුම සටහන් කර ඇත්තේ ටස්මේනියාවෙන් වන අතර අඩුම පිරිවැටුම සටහන් වන්නේ ACT ප්‍රාන්තයෙනුයි.

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »