Search

ගාලුමුවදොර නිර්පාක්ෂික මහජන අරගලයට අදට දින 50 යි.

ගාලුමුවදොර පැවැත්වෙන නිර්පාක්ෂික මහජන අරගලයට අදට දින 50 ක් සපිරෙනවා.

පසුගිය අප්‍රේල් 09 වෙනිදා දහස් ගණනක ජන සහභාගීත්වයෙන් ඇරඹි මෙම ආදරයේ අරගලය සදහා මේ වනවිටත් අඛණ්ඩව ජනතාව ඇදීඒම විශේෂත්වයක්.

ජනාධිපතිවරයා ඇතුලු පැවති රජයට බලයෙන් ඉවත්ව යන ලෙස බලකරමින් ආරම්භවූ ගෝඨාගෝගම මහජන අරගලයට සමගාමීව දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජනතාවද ප්‍රාදේශිය මට්ටමින් විරෝධතා ව්‍යාපාර සංවිධාන කර තිබුණා.

ගාලුමුවදොර නිර්පාක්ෂික මහජන අරගලය හෙවත් ගෝඨාගෝගමට දින 50 ක් සැපිරීම නිමිත්තෙන් අද දිනයේදී විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට එහි අරගලකරුවන් තීරණය කර තිබෙනවා.

ඒ අනූව අරගලකරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පස්වරු 2 ට කළු කොඩියක් රැගෙන ගාලූමුවදොර අරගල භූමියට හෝ ළගම ඇති නගරයට පැමිණෙන ලෙසයි.

ඉන්ධන සහ ගෑස් පෝළිම් වෙත යන පිරිස් වෙතොත් ඔවුන්ද කලු ඇදුමින් සැරසී කලු කොඩියක් ඇතැතිව එම පෝළිම් වෙත ගොස් ආණ්ඩුවට එරෙහිව විරෝධවය පළ කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මේ අතර අද පස්වරු 06.30 ට ගාලුමුවදොර පිටියේදී විරෝධතා සංගීත – සංස්කෘතික ප්‍රසංගයක්ද පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර රැකියා දෙනවා කියා ශ්‍රී ලාංකිකයෙකුගෙන් රු.මිලියනයක් වංචා කරලා

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙන බවට පවසා මුදල් ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා පොලිසිට ජනතාව දැනුවත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Citizenship ගත් ප්‍රධාන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

2023–24 මූල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාව ලබාගත් සංකමණික රටවල් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

‘වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානය’ ජීවිත අවදානම නොතකා සේවයට කැපවූ වීරවරියකට

“වසරේ ඔස්ට්‍රේලියානුවා” සම්මානය සදහා 2024 අප්‍රේල් 13 බොන්ඩි හන්දියේ දී සිදුවූ පිහි ඇනුම්වලට සම්බන්ධ ඝාතකයාව නැවැත්වූ සිඩ්නි පොලිස් නිලධාරියාව නම් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා පොලීසිය වසරක මෙහෙයුමකින් වෙන්න ගිය විශාල අපරාධයක් මැඩලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන ඩොලර් බිලියන 50ක් පමණ වටිනාකමින් යුත් රසායනික ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

Read More »

මුහුණු ආවරණය කරගත් මංකොල්ල කණ්ඩායමක් ගැන මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

මුහුණු ආවරණය කර ගනිමින් මෙල්බන්හි නිවසකට පැමිණි මන්කොල්ල කණ්ඩායමක් සම්බන්ධයෙන් පොලීසිය ජනතාවට දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »