බෝට්ටුවෙන් ලංකාවෙන් පනින්න ගිය තවත් 45 ක් අල්ලයි

මුහුදු මාර්ගයෙන් වෙනත් රටකට අනවසරයෙන් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන තවත් පුද්ගලයන් 45 දෙනෙකු දකුණු සහ බටහිර මුහුදු ප්‍රදේශවලදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

බහුදින ධීවර යාත්‍රා දෙකකින් ගමන් කරමින් සිටියදීයි මොවුන් නාවික හමුදා භාරයට ගෙන තිබුණේ.

ඉන් එක් යාත්‍රාවක පුද්ගලයන් 26 ක්ද අනෙක් යාත්‍රාවේ පුද්ගලයන් 19 ක්ද සිටි බව නාවික හමුදාව සඳහන් කලා.

සැකකරුවන් කල්පිටිය, හලාවත, පුත්තලම, මීගමුව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් මෙම පුද්ගලයින් සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට නියමිතයි.

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »

වසර 06 ක් පුරා සේවකයන්ට අඩු වැටුප් ගෙවා ඇතැයි UNSW ට එරෙහිව විමර්ශනයක්

නිවු සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය හෙවත් UNSW ට එරෙහිව සේවක වැටුප් නොගෙවීමේ චෝදනා මත Fairwork ඔම්බුඩ්ස්මන් කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »