සිඩ්නි හිදීත් පර්යේෂණ කල ලාංකික මහාචාර්යවරයාට ඉහළම සම්මානයක්

ස්වභාව විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලෙසින් හැඳින්වෙන ‘ලීනියන් පදක්කම’ මෙවර ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු සහ ස්වභාව විද්‍යාඥයකු වන ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතාට පිරිනමා ඇත.

ලන්ඩනයේ ලීනියන් සමාජය මගින් ලෝකය පුරා විසිරී සිටින විශිෂ්ට ශාක විද්‍යාඥයන් සහ සත්ව විද්‍යාඥයන් වෙනුවෙන් 1888 වසරේ සිට වාර්ෂිකව පිරිනමන මෙම පදක්කම, ශ්‍රී ලාංකිකයෙකුට හිමිවූ පළමු අවස්ථාව මෙය වේ.

එමෙන්ම ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතා මෙම පදක්කම දිනූ ආසියාවේ දෙවැනියා බව ද සඳහන් වේ.

විද්‍යාඥයෙකු මෙන්ම අධ්‍යාපනඥයෙකු සහ ග්‍රන්ථ කතුවරයෙකු වන ආචාර්ය පෙතියාගොඩ මහතා ජාත්‍යන්තර රතු දත්ත කමිටුවේ නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ මෙන්ම ජල සම්පත් මණ්ඩලයේ ද සේවය කර ඇති පෙතියාගොඩ මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයකු ලෙස ද සේවය කර ඇත.

එමෙන්ම ඔහු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි කෞතුකාගාරයේ පර්යේෂකයකු ද වේ.

මෙරට මිරිදිය මතස්‍ය සම්පත පිළිබඳ විශේෂ අධ්‍යයනයක් කර ඇති පෙතියාගොඩ මහතා ලෝක බැංකුව ඇතුළු ආයතන රැසක් වෙනුවෙන් ජෛව විවිධත්වය පිළිබඳ පර්යේෂණාත්මක ලේඛන රැසක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව පර්යේෂණ සඳහා ඔහුගෙන් සිදු වූ සේවය මෙන්ම ඒවායේ ප්‍රතිඵල සම්බන්ධයෙන් සළකා බලා ඔහුට මෙම පදක්කම ලබාදීමට හේතුවූ බව සම්මාන කමිටුව සඳහන් කර තිබිණි.

ලන්ඩනයේ ලීනියන් සංගමය ලොව දැනට ක්‍රියාකාරීව පවතින ස්වභාවික ඉතිහාසය ගවේෂණය සඳහා වූ පැරණිතම සමාජයක් වන අතර, ස්වීඩන් ජාතික ස්වභා විද්‍යාඥයෙකු වන කාල් ලිනේයස් (1707-1778) අනුස්මරණය කිරීම පිණිය එය ලීනියන් සංගමය ලෙස නම් කර ඇත.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »