ලංකාවට වෙච්ච දේ දැක IMF කම්පා වෙයි

ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කිරීමේ නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලැබුණු පසු ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ඉන්දියාවේ එන්.ඩී.ටී.වී රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරී අධ්‍යක්ෂවරිය සඳහන් කලේශ්‍රී ලංකාවට සහය ලබාදීම සඳහා ආර්ථික පදනමක් සකස් විය යුතු බවයි .

පවතින ආර්ථික අර්බුදයත් සමග ඇති වී ඇති තත්ත්වය දැකීමෙන් සිය හදවත බිදී ගොස් ඇති බව පෙන්වාදෙන ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පවසන්නේ වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳවැටී ඇති බවය.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් නගා සිටුවීම සඳහා සහයෝගය ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිරන්තරයෙන් සූදානමින් සිටින අතර ඒ සඳහා තාක්ෂණික කණ්ඩායමක් මේ වන විටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවද ඇය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් තමන් ඉන්දියාවට ගෞරව කරන බවත් දුෂ්කර කාලවලදී සහයෝගය ලබාදීම මගින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ හොඳ මිතුරෙකු බව පෙනීයන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »