
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සවස හිටපු අගමැති මහින්ද රාජපක්ෂගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
ඒ මැයි 09 වැනි දා ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන්.
මැයි 09 වනදා සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ – ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ද රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, 9 වැනි දා සිද්ධිය සම්බන්ධයෙනු යි.