ඔස්ටේ්‍රලියාවේ ධනවත්ම පුද්ගලයන් 200 ලැයිස්තුව එයි – අඛණ්ඩව 03 වන වරටත් ගිනා රයින්හාර්ට් පෙරමුණේ

අඛණ්ඩව 03 වන වසරටත් ඔස්ටේ්‍රලියාවේ ධනවත්ම චරිතය බවට පතල් කර්මාන්ත හිමිකාරිනී ගීනා රයින්හාර්ට් තේරී පත් වී තිබෙනවා.

ඒ අද නිකුත් කෙරුණු ඔස්ටේ්‍රලියාවේ ධනවත්ම පුද්ගලයන් 200 දෙනාගේ ලැයිස්තුවට අනුවයි.

ගිනා රයින්හාර්ට් ගේ දළ වත්කම ඩොලර් බිලියන 34 ක් ලෙසටයි තක්සේරු කර ඇත්තේ.

එමෙන්ම මෙම පුද්ගලයන් 200 දෙනා අතුරින් 137 දෙනෙකුම නව බිලියනපතියන් විමද විශේෂත්වයක්.

25 හැවිරිදි තරුණයෙකුද ඒ අතර වන අතර ඔහු ක්‍රිප්ටෝ මුදල්කරණය සහ අන්තර්ජාල ක්‍රීඩාවල නිරතවෙමින් දැවැන්ත ආදායමක් උපයාගෙන ඇතැයි සඳහන්.

ඔස්ටේ්‍රලියාවේ ධනවත්ම පුද්ගලයන් 200 දෙනාගේ දළ වත්කම ඩොලර් බිලියන 555 ක් පමණ වනවා.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »