
මැතිවරණ පරාජයත් සමග තමා කෙටි කලකට නිහඩව සිටීමට තීරණය කල බව හිටපු අගමැති ස්කොට් මොරිසන් පවසනවා.
පසුගිය සෙනසුරාදා පැවති ෆෙඩරල් මැතිවරණයෙන් ලිබරල් සන්ධානය ලැබූ පරාජයෙන් පසු පළමුවරට මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කලේ.
සිය පවුලේ සාමාජිකයන් සමග වැඩි කාලයක් ගත කිරීමට තීරණය කල බවද ස්කොට් මොරිසන් මෙහිදී පවසා සිටියා.

මැතිවරණ පිළිබඳ කණගාටුවන බවත් ඊට හේතු රැසක්ම ඇති බවත් හිටපු අගමැතිවරයා මෙහිදී සඳහන් කලා.
කෙසේවෙතත් දේශපාලනයෙන් හෝ මන්ත්‍රී ධුරයෙන් විශ්‍රාම ගැනීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවයි ස්කොට් මොරිසන් විධාරණය කලේ.
