
කොවිඩ් මර්දන 04 වන එන්නත සඳහා අමතර ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 15 ක් සුදුසුකම් ලබන යෝජනාවකට ATAGI හෙවත් ඔස්ටේ්‍රලියානු තාක්ෂණික උපදේශන කමිටුව විසින් අනුමැතිය දී තිබෙනවා.
අන්තර්වාර සෞඛ්‍ය අමාත්‍ය Katy Gallagher පැවසුවේ තමාද මේ සම්බන්ධයෙන් දැනුවත් බවයි.
මේ අනුව අයහපත් සෞඛ්‍ය තත්වයන්ගෙන් පෙළෙන සහ විවිධ ආබාධ සහිත පුද්ගලයන්ද 04 වන කොවිඩ් මාත්‍රාව සඳහා සුදුසුකම් ලබනු ඇති.

ලබන 30 වනදා සිට ඔවුන් ඒ සඳහා සුදුසුකම් ලබනවා.
කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාව තුළ සියලුම ජනතාවට තවමත් 04 වන එන්නත ලබාගැනීමට අවසර හිමිවී නැහැ.

Katy Gallagher සඳහන් කලේ අවශ්‍ය එන්නත් ප්‍රමාණය රට සතුව පවතින බවයි.
COMMENTS