මෙල්බන් බසයකදී කතකට අතවර කල ආසියානුවා හොයන්න මහජන සහය පතයි – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බන් බසයකදී කතකට අතවර කල ආසියානුවා හොයන්න මහජන සහය පතයි

මෙල්බන් බසයකදී කතකට අතවර කල ආසියානුවා හොයන්න මහජන සහය පතයි

මෙල්බන් වයඹ දිග ප්‍රදේශයේදී බස් රථයක් තුළදී කාන්තාවකට ලිංගික අතවර කල සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

Broadmeadow සහ Essendon අතරදී මෙම තැනැත්තිය පසුගිය 03 වනදා දහවල් 12.30 ත් පස්වරු 01.30 ත් අතරදී ගමන් කරන අතරදී මෙම සිදුවීමට මුහුණ පා තිබුණා.

සැකකරු Broadmeadow හි Pascoe Vale Road හිදී බස් රථයට ගොඩවී ඇතැයි සඳහන්.

ඔහුගේ ඡායාරුපයක්ද වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිඛෙනවා.

කාන්තාව සහ සැකකරු යන දෙදෙනාම බස් රථයෙන් පිටවන්නේ Essendon හිදීයි.

ආසියානු පෙනුමක් ඇති මොහු අත්අඩංගුවට ගැනීමට සහය වන්නැයි වික්ටෝරියා පොලිසිය ඉල්ලා සිටිනවා.

COMMENTS