ලෝක බැංකුවෙන් ලංකාවට අනතුරු ඇගවීමක්

නිසි ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදෙන තුරු ශ්‍රී ලංකාවට අලුතින් කිසිදු මූල්‍ය සහනයක් ලබානොදෙන බවට ලෝක බැංකුව අනතුරු අගවනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් දන්වා සිටින්නේ මීට ඉහතදී විවිධ අරමුණු සඳහා අනුමත කල ආධාර මුදල් හදිසි අවශ්‍යතා සඳහා යෙදවීම කෙරෙහි සළකා බලමින් සිටින බවයි.

ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධ මිළදී ගැනීම – දිළිඳු ජනතාවට මුදල් ආධාර දීම ඇතුලු වෙනත් සහයන් සඳහා එම මුදල් යොදවන ලෙස ශ්‍රී ලංකා රජයට උපදෙස් දීමටයි ලෝක බැංකුව කටයුතු කර ඇත්තේ.

ශ්‍රී ලංකාවට නව ණය පහසුකමක් සැපයීම සඳහා අවසන් එකගතාවයකට පැමිණි බවට ලෝක බැංකුව උපුටා දක්වමින් පළවී තිබූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවද මෙම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලාංකික ජනතාව සම්බන්ධයෙන් කණගාටුවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් නැවත ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා පියවර ගනිමින් සිටින බවත් ලෝක බැංකුව අවධාරණය කරනවා.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »