ඔස්ටේ්‍රලියානුවන් රැකියා වෙනස් කිරීම වසර 10 කට පසු ඉහළම අගයට

ඔස්ටේ්‍රලියාව තුළ රැකියා වෙනස් කිරීමේ ප්‍රතිශතය වසර 10 කට පසු ඉහළම අගය වාර්තා කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වාදෙන්නේ මෙම වසරේ පෙබරවාරි මාසයෙන් අවසන්වූ මාස 12 තුළදී සියයට 9.5 කට ආසන්න පිරිසක් සිය රැකියාව හෝ රැකියා ස්ථානය වෙනස් කර ඇති බවයි.

කොව්ඩ් ආරම්භය සිදුවූ 2020 වසරේදී එය සියයට 7.5 ක් වැනි පහළ අගයක පැවතී තිබුණා.

කෙසේවෙතත් කොවිඩ් තත්වය පහවගොස් රැකියා වෙළඳපොළ යලිත් ප්‍රකෘතිවීමත් සමග 2021-22 වසරේදී ලක්ෂ 13 කට ආසන්න පිරිසක් රැකියාව වෙනස් කර ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වාදෙන්නේ.

එය පෙර වසරට වඩා ලක්ෂ 03 ක ඉහළයාමක්ද වන අතර මෙයින්ද වැඩි පිරිසක් කාන්තාවන් බව සඳහන්.

වැඩිම පිරිසක් සිය රැකියාව වෙනස් කර ඇත්තේ පරිපාලන – යන්ත්‍ර ක්‍රියාකරුවන් – රියදුරන් ලෙස රැකියාව කල පිරිස් බවද මෙම වාර්තාවේ දැක්වෙනවා.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »