දින 793 කට පසු දකුණු ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් හදිසි තත්වය අවසන් – AusLanka TV – Australian News for the Sri Lankan community

දින 793 කට පසු දකුණු ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් හදිසි තත්වය අවසන්

දින 793 කට පසු දකුණු ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් හදිසි තත්වය අවසන්

දින 793 කට පසු දකුණු ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් හදිසි තත්වය අවසන් කර තිබෙනවා.

මීට පෙර ප්‍රාන්තයේ හදිසි තත්වයක් ක්‍රියාත්මක කර තිබුණේ දින 11 ක් වැනි කාලයක් පමණයි.

පාසල්වල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කරමින් තවදුරටත් බලාත්මක රෙගුලාසියද මෙම සතිය අවසානය වනවිට ඉවත් කිරීමටයි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සැළසුම් කර ඇත්තේ.

කිසියම් අයුරකින් එකම පංති කාමරයකින් කොවිඩ් ආසාධිතයන් 10 කට වැඩි පිරිසක් හමුවුවහොත් නැවතත් මුහුණූ ආවරණය අනිවාර්ය කිරීමට නියමිතයි.

දකුණු ඔස්ටේ‍රලියාවෙන් තවමත් දිනකට කොවිඩ් ආසාධිතයන් 3000 කට ආසන්න පරිසක් වාර්තා වන පසුබිමකදීයි මෙම නීති ලිහිල් කිරීම සිදුකර ඇත්තේ.

 

COMMENTS