Search

මැතිවරණ දින ලාංකික අනවසර සංක්‍රමණිකයන් ආපසු ශ්‍රී ලංකාවට හරවා යවයි

නීති විරෝධීව ඔස්ටේ්‍රලියාවට පැමිණීමේදී පසුගිය සෙනසුරාදා දිනයේදී එනම් ෆෙඩරල් මැතිවරණ දිනයේදී දේශ සීමා ආරක්ෂණ නිළධාරීන් භාරයට ගනු ලැබූ ලාංකික අනවසර සංක්‍රමණිකයන් කණ්ඩායම ආපසු ශ්‍රී ලංකාවට හරවා යවා තිබෙනවා.

මෙය වත්මන් ලේබර් පක්ෂ රජය යටතේ ආපසු හරවා යවනු ලැබූ පළමු අනවසර සංක්‍රමණික බෝට්ටුවද වනවා.

සංක්‍රමණිකයන් 15 දෙනෙකු මෙම යාත්‍රාවේ පැමිණ ඇති බව සඳහන්.

ලේබර් රජයක් යටතේ වුවද ඔස්ටේ්‍රලියා දේශ සීමා ආරක්ෂණ නීතිවල කිසිදු වෙනසක් සිදුවී නොමැති බව මෙමගින් තහවුරු කෙරෙන බව වැඩබලන අගමැති රිචර්ඩ් මාර්ල්ස් සඳහන් කලේ.

දේශ සීමා බලකාය අවධාරණය කරන්නේ නීති විරෝධිව ඔස්ටේ්‍රලියාවට පැමිණෙන කවර හෝ බෝට්ටුවක් ආපසු හරවා යැවීම අඛණ්ඩව සිදුකරන බවයි.

මේ අතර මෙම සිද්ධිය පදනම් කරගෙන අයුතු මැතිවරණ වාසියක් ගැනීමට ලිබරල් පක්ෂය කටයුතු කල බවට වන චෝදනා සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »