ලංකාවෙන් බෝට්ටුවක් ආවැයි ඡන්දය දා මොරිසන් හිතවාදීන් යැවු SMS ගැන ඇල්බනීස් පාලනයෙන් පරීක්ෂණයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ලංකාවෙන් බෝට්ටුවක් ආවැයි ඡන්දය දා මොරිසන් හිතවාදීන් යැවු SMS ගැන ඇල්බනීස් පාලනයෙන් පරීක්ෂණයක්

ලංකාවෙන් බෝට්ටුවක් ආවැයි ඡන්දය දා මොරිසන් හිතවාදීන් යැවු SMS ගැන ඇල්බනීස් පාලනයෙන් පරීක්ෂණයක්

ෆෙඩරල් මැතිවරණ දිනයේදී ශ්‍රී ලංකාවෙන් පැමිණි අනවසර සංක්‍රමණික බෝට්ටුවක් ඔස්ටේ්‍රලියා දේශසීමා ආරක්ෂණ බළධාරීන් භාරයට ගත් බවට සිදුකල ප්‍රචාරය සම්බන්ධයෙන් වත්මන් ඇල්බනීස් රජය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හිටපු අගමැති ස්කොට් මොර්සන්ට මැතිවරණයේදී අයුතු වාසියක් ලබාගැනීම සඳහා ලිබරල් ප්‍රචාරණ අංශය විසින් මෙම ප්‍රචාරය සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

මෙවැනි සිදුවීමක් සැබෑවටම සිදුවූයේ නම් එම බෝට්ටුවට ඔස්ටේ්‍රලියාවට මෙතරම් සමීපවීමට අවස්ථාව ලැබුණේ කෙසේද යන්න එහිදී විමර්ශනය කිරීමට නියමිතයි.

එමෙන්ම එවැනි සිදුවීමක් සිදුවී නොමැති නම් ලිබරල් ප්‍රචාරණ අංශවලට එරෙහිව පියවරක් ගැනීමටයි වත්මන් ලේබර් පරිපාලනය තීරණය කර ඇත්තේ.

එදින ලිබරල් ප්‍රචාරණ අංශ විසින් මෙම පුවත කෙටි පණිවිඩ මාර්ගයෙන් විසුරුවා හැර තිබුණේ ලිබරල් පරිපාලනය මගින් අනවසර සංක්‍රමණිකයන් පිළිබඳ දැඩි පියවර ගන්නා බව ඒත්තු ගැන්වීම සඳහායි.

COMMENTS