ඔස්ටේ්‍රලියානුවන්ගේ දෛනික වියදම් සියයට 6.6 කින් ඉහළට

කොවිඩ් තත්වය හමුවේ පණවා තිබූ සීමා සැළකිය යුතු මට්ටමකින් ඉවත් වීම හමුවේ ඔස්ටේ්‍රලියානුවන්ගේ දෛනික වියදම් කිරීම් සමස්තයක් ලෙස සියයයට 6.6 කින් ඉහළ ගොස් තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල නවතම වාර්තාවක දැක්වෙන්නේ විනෝදාස්වාදය සහ සංස්කෘතික කටයුතු සඳහා සියයට 17.8 කින් – ඇඳුම් සහ පාවහන් සඳහා සියයට 15.2 කින් හා ප්‍රවාහනය සඳහා සියයට 12.5 ක් ලෙස වියදම් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව පසුගිය වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී මෙම වසරේ මාර්තු මාසයේ සමස්ත වියදම් ඉහළ යාම සියයට 6.6 ක් ගෙන තිබෙනවා.

සියලුම ප්‍රාන්තවල මෙම තත්වය දක්නට ඇති නමුත් එයින්ද පෙරමුණ ගෙන ඇත්තේ වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයි.

කොවිඩ් වසංගතයට පෙර පැවති තත්වය හා සැසඳීමේදී මෙම ඉහළයාම සියයට 8.8 ක් ලෙසයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියානුවන් සෞඛ්‍ය සඳහා දරන වියදම්ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම මෙම වාර්තාවේ සඳහන්.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »