Search

2022 මුල් මාස 05 දී ලංකාවෙන් රට රැකියා සඳහා පිටත්වීම 286% කින් ඉහළට

මෙම වසරේදී රැකියා සඳහා විදෙස් ගතවීම සියයට 286 කින් ඉහළට ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව මෙම වසරේ මුල් මාස පහ තුල මේ දක්වා ස්වයං මාර්ගයෙන් හා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් විදේශ රැකියා සඳහා පුද්ගලයන් 105,821 දෙනකු පිටත්ව ගොස් ඇති බවයි කාර්යාංශය සඳහන් කළේ.

එය පසුගිය වසරේ මුල් මාස පහට සාපෙක්ෂව සියයට 286 කින් ඉහළ යාමක් බව සදහන්.

කාර්යාංශයේ දත්ත වාර්තාවලට අනුව 2021 වසරේ මුල් මාස 5 තුල 27,360 දෙනෙකු රැකියා සදහා පිටත්ව ගොස් ඇති අතර එය මේ වසරේ 78, 461 කින් ඉහල ගොස් තිබෙනවා.

ස්වයං මාර්ගයෙන් වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යයටයි.

එම සංඛ්‍යාව 19,133 ක්.

කුවේටය සදහා 12,701 ක් ද එක්සත් අරාබි එමිර් රාජ්‍යයට 11,000 ක් හා දකුණු කොරියාවට 1754 දෙනෙකු රැකියා සඳහා පිටව ගොස් ඇතැයි සදහන්.

මහ බැංකු වාර්තාවලට අනුව මෙම වසරේ මුල් මාස 03 තුල විදේශ රැකියා ලාභීන් විසින් සිදුකළ ප්‍රේෂණ අමරිකානු ඩොලර් මිලියන 783 ක් වනවා.

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව සිටින්නන්ගේ වැඩිවීමක් ලාංකිකයන් 28 දෙනෙකුත් රැදවුම් භාරයේ

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව රැදී සිටින පුද්ගලයන්ගේ වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරන බවට ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර තිබෙනවා.

Read More »

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »