
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සෑම අයෙකුටම නොමිළයේ Flu එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා.
හෙට සිට ජූනි 30 වනදා දක්වා Pharmacy – GP මාර්ගයෙන් එය ලබාගත හැකිවනවා.
දැනට ප්‍රාන්තයේ සිටින ආසාධිතයන් ගණන 4282 ක්.

ඉන් 150 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 10 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේයි පසුවන්නේ.
ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk පවසන්නේ සතියෙන් සතිය ආසාධිතයන් ගණන ඉහළයාම හමුවේ මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි.
