නව අගමැති ජපානය බලා යයි

ඔස්ටේ්‍රලියාවේ 31 වන අගමැතිවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු ඇන්තනී ඇල්බනීස් සහභාගී වූ පළමු මාධ්‍ය හමුව අද කැන්බරා හිදී පැවැත්වුණා.

ඔහු එහිදී අවධාරණය කලේ ප්‍රධාන කරුණු 06 ක් කෙරෙහි මෙම සතියේදී ප්‍රමුඛත්වය දෙන බවයි.

ජාතික ප්‍රතිසංස්කරණ අරමුදලක් ඇති කිරීම – දේශගුණ විපර්යාස සඳහා ක්‍රියාකාරී සැළැස්මක් නිර්මාණය – රැකියා පිළිබඳ නිර්දේශ ක්‍රියාත්මක කිරිම ඒ අතර වනවා.

child care ගාස්තු පහත දැමීම – aged care අර්බුද විසඳීම සහ medi care ශක්තිමත් කිරීම අනෙක් කරුණු 03 යි.

සියලු ඔස්ටේ්‍රලියානුවන් එක් කිරීම සිය අරමුණ බවත් නව අගමැතිවරයා සඳහන් කලා.

මේ අතර නව අගමැතිවරයා මීට ටික වේලාවකට පෙර ජපානය බලා පිටත්ව ගියා.

ඒ නව විදේශ අමාත්‍යවරියද සමගයි.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »