ලිබරල් පක්ෂයේ නව නායකත්වය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වෙන ළකුණු පළවී තිබෙනවා..
ෆෙඩරල් මැතිවරණය පරාජයවීමත් සමග හිටපු අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ තමා ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවයි.
නව නායකයෙකු පත් කරගැනීම පක්ෂයේ මීලග ඉහළ මට්ටමේ සාකච්ඡාවකදී සිදුකෙරෙනු ඇති බවද ඔහු සඳහන් කලා.
එදිනම වාර්තාවූයේ හිටපු ආරක්ෂක ඇමති පිටර් ඩට්න් ලිබරර් නායකත්වයට ඉදිරිපත් වනු ඇති බවයි.
මේ අතර තමන්ද නායකත්වයට සූදානම් බව හිටපු ස්වදේශ කටයුතු ඇමතිනී කැරන් ඇන්ඩෲස් අද නිවේදනය කලා.
ඒ අනුව සම්මුතියකින් පත්කර නොගතහොත් බොහෝ දුරට ලිබරල් පක්ෂ නායකත්වයට රහස් ඡන්ද වීමසීමක් පැවැත්වෙනු ඇති.