නව අගමැති ලෙස ඇල්බනීස් අද දිවුරුම් දෙයි

ඔස්ටේ්‍රලියාවේ 31 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ආණ්ඩුකාර ජනරාල්වරයා ඉදිරියේ අද දිව්රුම්දීමට නියමිතයි.

ඇල්බනීස් ට අමතරව Penny Wong, Richard Marles, Katy Gallagher – Jim Chalmers යන අයද දිවුරුම් දෙනු ඇති.

ඔස්ටේ්‍රලියාවේ 31 වන අගමැතිවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු පළමු සතියේ සිදුකරන කාර්යයන් සම්බන්ධයෙන් ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් තොරතුරු හෙළිදරව් කලා.

නව අගමැතිවරයා හෙට (අගහරුවාදා) ජපානය බලා පිටත්ව යනවා.

ඒ Quad සාමාජික රටවල් හෙවත් ජපානය – අමෙරිකාව සහ ඉන්දීය රාජ්‍ය නායකයන් හමුවීම සඳහායි.

යළිත් බදාදා දිනයේ ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ඇල්බනීස් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ සෙසු කටයුතු සම්පූර්ණ කිරීමට නියමිතයි.

ඉදිරි සති කිහිපයේදී සියලුම ප්‍රාන්ත අගමැතිවරුන් සමග වෙන වෙනම සාකච්ඡා කිරීමටත් නව අගමැතිවරයා තීරණය කර තිබෙනවා.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »