මොරිසන්ගෙන් හිතවතුන්ට සමුගැනීමේ සාදයක්

ධුරයෙන් ඉවත්ව යන අගමැති ස්කොට් මොරිසන් විසින් සිඩ්නි නුවර Kirribilli House හිදී සිය කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් සාදයක් පවත්වා තිබෙනවා.

ඔහු හෙට දිනයේදී මෙම නිල නිවසින් ඉවත්ව යාමට නියමිතයි.

ස්කොට් මොරිසන්ගේ සමීපතමයන්ට මේ සඳහා ආරාධනා කර තිබු බව සඳහන්.

ඔස්ටේ්‍රලියාවේ 31 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ආණ්ඩුකාර ජනරාල්වරයා ඉදිරියේ හෙට දිව්රුම්දීමට නියමිතයි.

අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට නියමිතව තිබෙනවා.

PIC – 9 NEWS

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන් බලා ආ ගුවන් යානයක කලබලයක් නිසා හදිසි ගොඩබැස්වීමක්

පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ වර්ජින් සමාගමේ යානයක් මගියෙකුගේ කලහකාරී හැසිරීමක් හේතුවෙන් නැවත පර්ත් වෙත හදිසි ගොඩබැස් වීමක් සිදු කර තිබෙනවා.

Read More »

සිඩ්නි Cooks ගං ඉවුරේ දරු ප්‍රසූතියක් කළ මව සොයා මෙහෙයුම්

සිඩ්නිහි කුක්ස් ගං ඉවුරේදී කාන්තාවක් දරු ප්‍රසූතියක් සිදු කර ඇති බවට සාක්ෂි හමුවීම හේතුවෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි අවි සම්බන්ධ නීති දැඩි කිරීමට පියවර

පසුගියදා පර්ත්හි සිදුවූ වෙඩි තැබීමකින් මවක් සහ ඇයගේ දියණිය ඝාතනයෙන් පසු ගිනි අවි සම්බන්ධ නීති දැඩි කරන බවට බටහිර ඔස්ට්‍රේලියානු අගමැති රොජර් කුක් පොරොන්දු වී තිබෙනවා.

Read More »