ඇල්බනීස් හෙට අගමැති ධුරයේ දිවුරුම් දෙයි – ලක් ජනපතිගෙනුත් සුභ පැතුම් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඇල්බනීස් හෙට අගමැති ධුරයේ දිවුරුම් දෙයි – ලක් ජනපතිගෙනුත් සුභ පැතුම්

ඇල්බනීස් හෙට අගමැති ධුරයේ දිවුරුම් දෙයි – ලක් ජනපතිගෙනුත් සුභ පැතුම්

ඔස්ටේ්‍රලියාවේ 31 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ආණ්ඩුකාර ජනරාල්වරයා ඉදිරියේ හෙට දිව්රුම්දීමට නියමිතයි.

අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුලු ජාත්‍යන්තර නායකයන් ගණනාවක් මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් ලේබර් පක්ෂ නායකයාට සුභ පැතුම් පිරිනමා තිබෙනවා.

ඇන්තනි ඇල්බනීස්ගේ කම්කරු පක්ෂය ජයග්‍රහණය කළත් ඔවුන් බහුතර බලය හිමිකර ගැනීමට නොහැකි වන්නේ නම්, ස්වාධීන පක්ෂ සමඟ එක් වී හවුල් රජයක් පිහිටුවීමට සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇල්බනීස්ගේ තේරී පත්වීමත් සමග ඉදිරි වසර 03 සඳහා ඕස්ට්‍රේලියාවේ පාලන බලය කම්කරු පක්ෂයට හිමිවනු ඇති.

COMMENTS