
Kooyong ආසනයේ පරාජය භාර ගැනීමට තමා සූදානම් නොමැති බව ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පවසනවා.
තැපැල් ඡන්ද 16,000 කට ආසන්න සංඛ්‍යාවක් තවමත් ගණන් කිරීමට ඉතිරිව පවතින බවත් එහි ප්‍රතිශතය සියයට 12 කට ආසන්න බවත් ඔහු පෙන්වා දෙනවා.
එබැවින් ඉතා දුෂ්කර වුවද Kooyong ආසනය දිනාගැනීමට තමන්ට තවමත් අවස්ථාව පවතින බවයි පෙන්වා දෙන්නේ.

Kooyong ආසනයේ ඡන්දවලින් සියයට 70 කට ආසන්න ප්‍රතිශතයක් පමණක් මේ දක්වා ගණන් කර අවසන් අතර ස්වාධීන අපේක්ෂිකා Monique Ryan සියයට 54.4 ක් ලබා ඉදිරියෙන් පසුවනවා.
Josh Frydenberg ට ලැබී ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 45.6 ක්.

මැතිවරණ පරාජයට අගමැති ස්කොට් මොරිසන් පමණක් වගකිව යුතු නැතැයි භාණ්ඩාගාරික අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලා.
දුෂ්කර කාලවකවානුවකදී ස්කොට් මොරිසන් විසින් ලිබරල් පක්ෂ නායකත්වය භාරගෙන පක්ෂය ඉදිරියට ගෙන ගිය බවයි ඔහු පෙන්වා දුන්නේ.
COMMENTS