අගමැති ස්කොට් මොරිසන් විසින් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ලිබරල් පක්ෂ නායකත්වය ආරක්ෂක ඇමති පීටර් ඩට්න්ට හිමිවන ළකුණු පළවී තිබෙනවා.
කෙසේවෙතත් ලිබරල් පක්ෂය විසින් මේ දක්වා ඊට අදාළ නිල තහවුරු කිරීමක් සිදුකර නැහැ.
මැතිවරණ පරාජයත් සමග පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමටයි අගමැති ස්කොට් මොරිසන් තීරණය කලේ.
මේ අනුව ලිබරල් පක්ෂයේ මීලග ඉහළ පෙලේ හමුවේදී එය නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසු නව නායකත්වය තෝරා පත් කර ගැනෙනු ඇති.
කිසියම් අයුරකින් නම් එකකට වැඩි සංඛ්‍යාවක් යෝජනා වුවහොත් රහස් ඡන්ද විමසීමක් වුවද පැවැත්විය හැකියි.