නව වාර්තාවක් තබමින් ලාංකික කැසෙන්ඩ්‍රා ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුවට යන ළකුණු

පළමුවරට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයෙකුට ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පාර්ලිමේන්තු වරම් හිමිවන ළකුණු පළවී තිබෙනවා.

මෙල්බන් හි හෝල්ට් ආසනය නියෝජනය කරමින් ලේබර් පක්ෂයෙන් තරග කල කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙතෙක් ගණනය කර ඇති ඡන්ද අනුව එම ආසනයේ ඉදිරියෙන් පසුවනවා.

ඇය හමුවේ පරාජයට පත්වූ ලිබරල් පක්ෂ අපේක්ෂකයා වන්නේද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයෙකු වීම විශේෂත්වයක්.

ඔහු නමින් රංජ් පෙරේරා යි.

කෙසේවෙතත් මනාප ඡන්ද තවදුරටත් ගණන් කරමින් පවතින බැවින් ඔවුන් දෙදෙනා ලබාගත් අවසන් ඡන්ද ප්‍රතිශතයන් මෙතෙක් නිල වශයෙන් නිකුත් කර නැහැ.

මෙල්බන් හි ස්කලින් ආසනය සඳහා ද ලිබරල් පක්ෂය නියෝජනය කරමින් තවත් ශ්‍රී ලාංකිකයෙකු වන විරෝෂ් පෙරේරා තරග කල නමුත් ඔහු ටද පාර්ලිමේන්තු වරම් දිනාගැනීමට හැකියාවක් උදාවූයේ නැහැ.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »