
ඔස්ටේ්‍රලියාව එක්සත් කිරීම තම මූලික අරමුණ බව ෆෙඩරල් මැතිවරණයෙන් ජයගත් ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.
සිඩ්නි හි සිය පුද්ගලික නිවස අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ පුද්ගලයන් ඛෙදා වෙන් කිරීමෙන් කිසිදු ජයක් අත්කර ගත නොහැකි බවයි.
එකම ජාතියක් ලෙස ඔස්ටේ්‍රලියාව ලොව ශක්තිමත් රටක් බවට පත් කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවද ඇන්තනී ඇල්බනීස් සඳහන් කලා.

ලේබර් පක්ෂ නායකයා මේ වනවිට පක්ෂයේ ප්‍රචාරක මූලස්ථානයට පැමිණ විශේෂ සාකච්ඡාවක නිරත වනවා.
කම්කරු පක්ෂය ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk කම්කරු පක්ෂයේ නායක Anthony Albanese වෙත සිය සුබ පැතුම් එක් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන Albanese හට ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සුබ පතා ඇත.
සියලුම ක්වීන්ස්ලන්ත වැසියන්ගේ අවශ්‍යතා සඳහා නව අගමැතිවරයා සමඟ කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඇය එහි සඳහන් කර තිබේ.
COMMENTS