අගමැති මොරිසන් ලිබරල් පක්ෂ නායකත්වය අතහරී – AusLanka TV – Australian News for the Sri Lankan community

අගමැති මොරිසන් ලිබරල් පක්ෂ නායකත්වය අතහරී

අගමැති මොරිසන් ලිබරල් පක්ෂ නායකත්වය අතහරී

මැතිවරණ පරාජයත් සමග ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට අගමැති ස්කොට් මොරිසන් තීරණය කර තිඛෙනවා.

පක්ෂයේ මීලග හමුවේදී තමා එය නිල වශයෙන් දන්වා සිටින බවයි සිඩ්නි හිදී මීට සුලු වේලාවකට පෙර පක්ෂ ක්‍රියාකාරීන් අමතමින් ඔහු කියාසිටියේ.

කෙසේවෙතත් මීලග නායකත්වය කවරෙකුට පැවරෙන්නේ දැයි අගමැති මොරිසන් කිසිවක් අනාවරණය කලේ නැහැ.

මැතිවරණ පරාජයේ පූර්ණ වගකීම තමන් භාරගන්නා බවද ඔහු අවධාරණය කලා.

පසුගිය වසර කිහිපය පුරා ලිබරල් පක්ෂය මෙහෙයවීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටුවන බවයි අගමැති ස්කොට් මොරිසන් වැඩිදුරටත් සඳහන් කලේ.

COMMENTS