Search

Breaking: අගමැති මොරිසන් පරාජය භාර ගනී

මහ මැතිවරණයේ පරාජය තමන් භාර ගන්නා බව අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කලා.

මේ අනුව මීලග අගමැති ලෙස ඇන්තනී ඇල්බනීස් දිවුරුම් දෙනු ඇති බවයි ජාතිය අමතමින් අගමැතිවරයා දැන් කියාසිටියේ.

මැතිවරණ පරාජයත් සමග ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට අගමැති ස්කොට් මොරිසන් තීරණය කර තිඛෙනවා.

පක්ෂයේ මීලග හමුවේදී තමා එය නිල වශයෙන් දන්වා සිටින බවයි සිඩ්නි හිදී මීට සුලු වේලාවකට පෙර පක්ෂ ක්‍රියාකාරීන් අමතමින් ඔහු කියාසිටියේ.

කෙසේවෙතත් මීලග නායකත්වය කවරෙකුට පැවරෙන්නේ දැයි අගමැති මොරිසන් කිසිවක් අනාවරණය කලේ නැහැ.

මැතිවරණ පරාජයේ පූර්ණ වගකීම තමන් භාරගන්නා බවද ඔහු අවධාරණය කලා.

පසුගිය වසර කිහිපය පුරා ලිබරල් පක්ෂය මෙහෙයවීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටුවන බවයි අගමැති ස්කොට් මොරිසන් වැඩිදුරටත් සඳහන් කලේ.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »