
ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමිණකයින් රැගත් යාත්‍රාවක් සම්බන්ධයෙන් සිය අවදානය යොමු වී ඇති බව ඕස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර සිටිනවා.
මෙම යාත්‍රාව මේ වන විට ක්‍රිස්මස් දුපත අසල මුහුදේ යාත්‍රා කරමින් සිටින බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් වාර්තාකරුවන්ට පවසා සිටියේ.
මේ අතර මැතිවරණ දිනයේදී ශ්‍රී ලංකාවට අදාළව අගමැති ස්කොට් මොරිසන් කල ප්‍රකාශයට විපක්ෂ කණ්ඩායම්වලින් දැවි විවේච්චනයක් එල්ල වී තිබෙනවා.

ඒ පසුගිය බදාදා අත්අඩංගුවට ගත් අනවසර සංක්‍රමණික බෝට්ටුවක් පිළිබඳ පුවතක් අද වාර්තාකර මැතිවරණ ප්‍රචාරයක් ලබාගැනීමට උත්සාහ දැරීම හේතුවෙනුයි.
මෙම නීතිවිරෝධී සංක්‍රමිණකයින් රැගත් යාත්‍රාව මැතිවරණ ප්‍රචාරණයේ කොටසක් වී ඇති බවයි මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවට ඇතුල්වීමට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමිණකයින් රැගත් යාත්‍රාව සම්බන්ධයෙන් පවත්නා නීතිය අනුව පියවර ගන්නා බවයි දේශසීමා ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර සිටින්නේ.
COMMENTS