ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සිඩ්නි නගරයට – AusLanka TV – Australian News for the Sri Lankan community

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සිඩ්නි නගරයට

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සිඩ්නි නගරයට

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන අගමැති ස්කොට් මොරිසන් සහ විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් සිඩ්නි නගරයට පැමිණ තිබෙනවා.

ඔවුන් දෙදෙනාම ලියාපදිංචි වී සිටින්නේ සිඩ්නි නගරයේ ඡන්ද බල ප්‍රදේශ 02 ක වීම ඊට හේතුවයි.

අපේක්ෂකයන් දෙදෙනාම අද පෙරවරුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන කිහිපයකම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලද නිරත වී තිබුණා.

මේ අතර කොවිඩ් ආසාධිතව දුරකථනය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වූ ඡන්ද දායකයන් 72,000 ක් අතුරින් 27,000 ක් පමණ මේ වනවිටත් ඡන්දය ලබා දී අවසන් කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ මැතිවරණ දිනයට පෙර දිනයේ ප්‍රකාශ වූ වැඩිම පූර්ව ඡන්ද සංඛ්‍යාව මෙවර සටහන් වී තිබෙනවා.

ඒ ඡන්ද 900,806 ක් ලෙසයි.

 

 

COMMENTS