Search

තීරණාත්මක ෆෙඩරල් මැතිවරණයේ ඡන්ද විමසීම අද

තීරණාත්මක ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා.

පෙරවරු 08 ට ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වන අතර පස්වරු 06 ට එය අවසන්වීමට නියමිතයි.

මෙවර ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 17 කට අධිකයි.

ඉන් මිලියන 07 කට වැඩි පිරිසක් ඊයේ දිනය වනවිට තැපැල් ඡන්ද හා පූර්ව ඡන්ද ප්‍රකාශ කර තිබුණා.

අඛණ්ඩව 04 වන වරටත් රාජ්‍ය පාලනය අපේක්ෂාවෙන් අගමැති ස්කොට් මොරිසන් ප්‍රමුඛ ලිබරල් ජාතික සන්ධානය මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා.

ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදී පක්ෂය වන්නේ විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස්ගේ නායකත්වයෙන් යුත් ලේබර් පක්ෂයයි.

පහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා සභිකයන් 151 දෙනෙකුද – ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව සඳහා මන්ත්‍රීවරුන් 76 දෙනෙකුද තෝරා ගැනීමට නියමිතව තිබෙනවා.

මෙවර ඔස්ටේ්‍රලියානු මැතිවරණය ශ්‍රී ලංකාවටද වැදගත් වන්නේ ලාංකික සම්භවයක් සහිත අපේක්ෂකයන් දෙදෙනෙකු සහ අපේක්ෂිකාවක තරග වැද සිටීම හේතුවෙනුයි.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »