GotaGoHome ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නෑ – AusLanka TV – Australian News for the Sri Lankan community

GotaGoHome ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නෑ

GotaGoHome ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නෑ

රටේ ආර්ථික අර්බුදය හමුවේ හදවතින් කල්පනා කර තීරණයක් ගත් බවත්, ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නොමැති බවත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

මේ අවස්ථාවේ කල්පනා කළ යුත්තේ රටට අවශ්‍ය පක්‍ෂ දේශපාලනයක්ද, පවතින අර්බුදයන්ට විසඳුමක්ද යන්න බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

තමන් සමඟි ජන බලවේගය අතහැර නොමැති බව කී ඇමතිවරයා පක්‍ෂය නිර්පාක්ෂික අරගලයක් වෙනුවෙන් ස්වාධීන වූ බව ද සඳහන් කළේය.

ඒ නිසා තමන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වූවත් සජබය සමඟ තරහ නොවන බව කී හරීන් ප්‍රනාන්දු තමන් ගත්තේ පක්‍ෂයට ගත නොහැකි වූ නමුත් ගත යුතුව තිබූ තීරණය බව ද පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටී.

COMMENTS