Search

හරීන් – මනූෂ ඇතුලු 09 ක් ඇමති ධුරවල දිව්රුම් දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු අද (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අනුව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා දිවුරුම් දුන් අතර, අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ සුසිල් ප්‍රේමජයන්තයි.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

විජයදාස රාජපක්ෂ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේත්,

හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේත් දිවුරුම් දුන් අතර, රමේෂ් පතිරණ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයායි.

මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දුයි.

ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.

මෙම දිවුරුම් දීමත් සමඟ අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගියා.

මීට පෙර මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ කංචන විජේසේකර අමාත්‍ය ධුරවල දිවුරුම් දෙනු ලැබුවා.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »