Temporary Protection වීසා අහෝසි කර නව ස්ථිර වීසා උප ඛාණ්ඩයක් – කම්කරු පක්ෂ සැළසුම මෙන්න – AusLanka TV – Australian News for the Sri Lankan community

Temporary Protection වීසා අහෝසි කර නව ස්ථිර වීසා උප ඛාණ්ඩයක් – කම්කරු පක්ෂ සැළසුම මෙන්න

Temporary Protection වීසා අහෝසි කර නව ස්ථිර වීසා උප ඛාණ්ඩයක් – කම්කරු පක්ෂ සැළසුම මෙන්න

Temporary Protection වීසා කාණ්ඩය අහෝසි කර නව ස්ථිර වීසා උප ඛාණ්ඩයක් නිර්මාණය කිරීමට අදාළ කම්කරු පක්ෂ සැළසුම හෙළිකර තිබෙනවා.

ඒ අනුව 2022 – 23 මුල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 39 ක් / 2023 – 24 මුල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 48 ක් / 2024 – 25 මුල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 129 ක මුදලක් වෙන් කර තිබෙනවා.

2025 – 26 මුල්‍ය වර්ෂය සඳහා වැය කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 191 ක්.

ඔස්ටේ්‍රලියාවේ Temporary Protection වීසා බලපත්‍ර ලාභීන් 19,000 ක් පමණ සිටින බව කම්කරු පක්ෂය පෙන්වා දෙනවා.

නව වීසා කාණ්ඩය හඳුන්වා දීමත් සමග සෑම වසර තුනකට හෝ පහකට වරක් වීසා සඳහා නැවත අයදුම් කිරීමේ අවශ්‍යතාවය ඉවත් වන බවයි කම්කරු පක්ෂය සඳහන් කලේ.

නව ස්ථිර වීසා උප කාණ්ඩය යටතේ රැකියා කිරීමට, වෙත ප්‍රවේශ වීමට, ආදායම් සහාය, ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම, සහ මානසික කම්පන සහ වධ හිංසාවලින් මිදීම උදෙසා උපදේශන වැනි දෑ සඳහා ද හිමිකම් උදාවනවා.

COMMENTS