
DERANA STARS IN CONCERT 2022 මෙල්බන් ප්‍රසංගය අද පැවැත්වෙනවා.
අද රාත්‍රී 07.30 ට Bunjil Place Theatre හිදී එය ආරම්භ වනවා.
2020 Derana Dream Star ෆැලන් ඇන්ඩ්‍රියා – 2021 Derana Dream Star දුලංග සම්පත් මෙන්ම නුවන්ධිකා සේනාරත්න – කීර්ති පැස්කුවෙල් – රවීන් කණිෂ්ක – රවී රොයිස්ටර් සහ නදීක ගුරුගේ යන දක්ෂ නිර්මාණකරුවන් ඊට සහභාගී වනවා.

ශික්ෂා සංගීත කණ්ඩායම විසින් මෙම ප්‍රසංග වර්ණවත් කරනු ඇති.
මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබන්නේ Ausලංකා TV විසිනුයි.

DERANA STARS IN CONCERT 2022 ප්‍රසංගය ලබන 22 වනදා සිඩ්නි හිදී පැවැත්වීමට නියමිතයි.
මෙම ප්‍රසංග සඳහා ප්‍රවේශපත්‍ර මිළදී ගැනීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න : https://tickets.bunjilplace.com.au/7075/7076
COMMENTS