ඩොලර් අතේ තියාගන්නේ බලාගෙනයි – මහ බැංකුවෙන් පැනවූ අලුත් නීති මෙන්න

ශ්‍රී ලංකාව තුළ වෙසෙන නේවාසිකයෙකුට හෝ ආයතනයකට තම සන්තකයේ නෝට්ටු ලෙසින් තබා ගත හැකි විදෙස් මුදල් ප්‍රමාණය ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

දැනට එය පවතින්නේ ඩොලර් 15,000 ක් ලෙසයි.

එසේ උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි ඩොලර් නෝට්ටු සන්තකයේ ඇත්නම් ඒවා බැංකු පද්ධතියට එක් කිරීමට හෝ රුපියල් බවට පරිවර්තනය කිරීමට සති දෙකක කාලසීමාවක් ලබා දෙන බව අධිපතිවරයා කියාසිටියා.

මේ අනුව යම් පුද්ගලයෙකු සන්තකයේ ඩොලර් 10,000 ක විදෙස් නෝට්ටු ප්‍රමාණයක් තිබුණ ද ඔහු/ඇය ඒවා උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට බැඳී සිටිනු ඇති.

එසේ නැතහොත් විදේශ විනිමය පනත ප්‍රකාරව ඔහු/ඇය දන්ඩණයකට ලක් කළ හැකියි.

පවතින නීතිය අනුව කුමන ආකාරයකින් හෝ ඩොලර් 15,000 කට වඩා වැඩි ප්‍රමාණයක විදෙස් මුදල් නෝට්ටු සන්තකයේ තබා ගැනීම නීති විරෝධී වනු ඇති.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »