ලංකාවේ ආර්ථිකය ගැන අමෙරිකානු බැංකුවකින් සුබ පණිවුඩයක්

දැනට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුද සමනය වනු ඇති බැවින් ඒ තුළින් බැඳුම්කර වටිනාකම ඉහළ යනු ඇතැයි අමෙරිකාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකුවක් වන ජේ පී මෝගන් පවසනවා.

දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් බැඳුම්කර සම්බන්ධයෙන් දැනට පවතින අවම මට්ටම්වලින් ඉහළට ගමන් කිරීමට මඟ පාදනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකෙරෙන සාකච්ඡා සඳහා මෙන්ම නීතිමය සහ මූල්‍ය උපදේශකයින් පත්කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට

ගෙන යාම සඳහා ද උපකාරී වනු ඇතැයි එම බැංකුව පුරෝකතනය කරනවා.

මේ අතර ගෙවීමට ඇති විදෙස් ණය සම්බන්ධයෙන් ලබන සතියේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

නීති විරෝධී වැඩක් කළ ලාංකිකයෙක් ඇතුලු 6ක් මෙල්බන් නුවරදී පොලිස් දැලේ පැටලෙයි

වික්ටෝරියා ප්‍රාන්තයට නීතිවිරෝධීව දුම්වැටි මිලියන 10ක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඇතුලු පුද්ගලයින් 6 දෙනෙකු මෙල්බර්න් නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »