බටහිර ඔස්ටේ්‍රලියා ශාන්ත ජෝන් ගිලන් රථ සේවය පූර්ණ ප්‍රතිසංවිධානයකට – AusLanka TV – Australian News for the Sri Lankan community

බටහිර ඔස්ටේ්‍රලියා ශාන්ත ජෝන් ගිලන් රථ සේවය පූර්ණ ප්‍රතිසංවිධානයකට

බටහිර ඔස්ටේ්‍රලියා ශාන්ත ජෝන් ගිලන් රථ සේවය පූර්ණ ප්‍රතිසංවිධානයකට

ගිලන් රථ ප්‍රමාදය හේතුවෙන් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන් වසරක් තුළ 05 වන මරණයත් වාර්තා වී තිබෙනවා.

මේ සමගම ශාන්ත ජෝන් ගිලන් රථ සේවය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමටයි ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් තීරණය කර ඇත්තේ.

මේ අනුව ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනෙකු – ඉහළම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින් දෙදෙනෙකු ඇතුළත් නව කණ්ඩායමක් පත් කර තිබෙනවා.

මීට අමතරව ගිනි නිවීම් භටයන් 48 දෙනෙකු ගිලන් රථ ක්‍රියාකරුවන් ලෙස සේවයේ යෙදවීම සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමටද පියවර ගෙන තිබෙනවා.

සති අන්තයේදි ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදී ලබන අගහරුවාදා සිට සේවයේ යෙදවීමටයි සැළසුම් කර ඇත්තේ.

COMMENTS