Regional ප්‍රදේශ ගණනාවක ප්‍රමාණවත් ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත නොකෙරෙන ළකුණු – AusLanka TV – Australian News for the Sri Lankan community

Regional ප්‍රදේශ ගණනාවක ප්‍රමාණවත් ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත නොකෙරෙන ළකුණු

Regional ප්‍රදේශ ගණනාවක ප්‍රමාණවත් ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත නොකෙරෙන ළකුණු

ෆෙඩරල් මැතිවරණ දිනයේදී Regional ප්‍රදේශ සැළකිය යුතු ගණනාවක ප්‍රමාණවත් පරිදි ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත නොකෙරෙනු ඇති බවට මැතිවරණ කොමිසම අනාවැකි පළකරනවා.

සේවක හිගය ඊට ප්‍රධාන හේතුවයි.

දකුණු ඔස්ටේ්‍රලියා – ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල Regional කලාප සැළකිය යුතු සංඛ්‍යාවක මේ අනුව පොකුරු ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතයි.

කෙසේවෙතත් මීට පෙර පැවති කිසිදු මැතිවරණයක මෙවැනි තත්වයක් වාර්තාවී නොමැති බව විචාරකයන් පෙන්වා දී තිබෙනවා.

ෆෙඩරල් මැතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා එනම් 21 වන සෙනසුරාදා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැවැත්වෙනවා.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 17 කට ආසන්න පිරිසක් සුදුසුකම් ලබා ඇති අතර ඉන් මිලියන 06 ක් පමණ දැනටමත් පුර්ව ඡන්ද හෝ තැපැල් ඡන්ද ලෙස ඡන්දය ප්‍රකාශ කර අවසන්.

https://www.abc.net.au/news/2022-05-18/towns-across-australia-may-not-have-polling-centres-for-election/101078920

COMMENTS